උණුසුම් කාලගුණයක් ?
Thursday, 18 May 2023 - 15:30 | Views - 389
දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට බලපා ඇති උණුසුම් සහිත කාලගුණ තත්ත්වය, නිරිත දිග මෝසම ආරම්භ වන තෙක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එළැඹෙන 20 වනදාත් 25 වනදාත් අතර කාලයේදී නිරිත දිග මෝසම සක්‍රීය වනු ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එමෙන්ම, උතුර, උතුරු - මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලටත් උණුසුම් දර්ශකය, අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව වාර්තා වනවා.
මේ අතර, ගතවූ පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් වන අතර එය සෙල්සියස් අංශක 37 යි දශම 3 ක්.
Share This Article