මහ බැංකුවෙන්, වාණිජ බැංකු වෙත දැනුම් දීමක්
Thursday, 18 May 2023 - 9:32 | Views - 400
මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ණයවර ලිපිවලට එරෙහිව මුදල් ආන්තික තැන්පතු අවශ්‍යතා පවත්වාගෙන යාම සඳහා මෙතෙක් ලබා දුන් නියෝග වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්කර ගන්නා බව මහ බැංකුව පවසනවා.
ඒ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත බලපැවැත්වෙන පරිදි නිවේදනයක් නිකුත් කරමිනුයි.
කෙසේ වෙතත්,මෙසේ මහ බැංකුව හකුලා ගනු ලබන්නේ, 2022 මැයි 19 සහ 2023 පෙබරවාරි 16 දිනැති ණයවර ලිපිවලට එරෙහිව මුදල් ආන්තික තැන්පතු අවශ්‍යතා පවත්වා ගැනීම සම්බන්ධයෙන් පෙර නිකුත් කළ නියෝගයන් බවටයි නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
Share This Article