එයා ජීවිතේට හිතන්නේ නැතුව ඇති අම්මගේ සොහොන ළඟ එයාගේ සොහොනත් හදන්න වෙයි කියලා..(Photos)
මේ දිනවල ආන්දෝලනාත්මක කතා පුවත් අතර ප්‍රධාන තැනක් ගන්නේ කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේ කූඩාරම් ගසාගෙන සිටි තරුන යුවලකට එල්ල වුණු වන අලි ප්‍රහාරයයි.
මේ ප්‍රහාරයෙන් තරුණිය මාතර කැකණදුර පදිංචි තරුෂි කවීෂා මෙලොවින් සමුගත් අතර මෙම සිද්ධියට මුහුණදුන් පෙම්වතා වන ධනුෂ්ක මධුශාන් වන අලි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබනවා.තරුෂිගේ මරණය සහ අනාරක්ෂිත විනෝද චාරිකා සහ කුඩාරම් ඇටවීම් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් විවිධ කතා මේ වනවිට සමාජ මාධ්‍යවල පැතිරෙන වකවානුවක තවත් සංවේදී ඡායාරූප පෙළක් අපට දකින්න ලැබුනා.ඒ තරුෂිගේ මව ගැන. මීට කලකට ඉහතදී ඇගේ මව මිය ගිහින්න් තියෙනවා. ඇය මවගේ සිරුර මිහිදන් කළ තැන සිට ගත් ඡායාරූපයක් සහ ඇගේ මවගේ සිරුර අසලම ඇගේ සිරුරත් මිහිදන් කළ ඡායාරූපයක් සමාජ ජාලාවල සැරිසරනවා.පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප...
