වැඩිම මරණ බස්නාහිරෙන් - අනතුරු ඇඟවීම මෙන්න
Monday, 15 May 2023 - 14:02 | Views - 563

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමග මේ වනවිට ඩෙංගු මරණ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
කෙසේ වෙතත්, එහි අධ්‍යක්ෂ සඳහන් කළේ, එක්වර රෝගීන් වැඩි වුවහොත‍් එය පාලනය කිරීම අසීරු තත්ත්වයකට පත්වෙන බව යි.
"බස්නාහිර පළාතෙන් විතරක් මරණ 7ක් වාර්තා වෙනවා මේ 22න්. ඒ අතරින් කොළඹ 2ක්, ගම්පහ 4ක්, කළුතර 1ක් වශයෙන්. මේකෙන් පේනවා රෝගීන් වැඩිවෙන්න වැඩිවෙන්න මරණ ප්‍රමාණය වැඩිවෙනවා කියන එක. ඊට අමතරව විශේෂයෙන්ම කියන්න ඕනේ මහනුවර, කුරුණෑගල, කෑගල්ල, ගාල්ල යන දිස්ත්‍රික්කවලිනුත් යම් සැලකිය යුතු ප්‍රමාණයේ රෝගීන්ගේ වර්ධනයක් තියෙනවා. රෝගීන් අනපේක්ෂිත ආකාරයට වැඩිවීම වළක්වා ගත යුතුයි."
පවතින වර්ෂා තත්ත්වය සමග දිනෙන් දින සිදුවන ඩෙංගු ව්‍යාප්තිය සමග වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් තිබෙනවා.
මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට අද උදෑසන දක්වා කාලය තුළ මෙරටින් ජාතික ඩෙංගු මර්දන ඒකකයට වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,742 ක් ලෙස සඳහන්ය.
ඉන් කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7,017 දෙනෙක්ද , ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7,602 දෙනෙක්ද , කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,984 දෙනෙක්ද වාර්තා වී තිබෙන අතර, මරණ 22ක් ද වාර්තා වී තිබෙනවා.
ඉන් මරණ 7 ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයක්.
Share This Article