රාජ්‍ය සේවකයින් ට විශේෂ දැනුම් දීමක්
Monday, 15 May 2023 - 12:27 | Views - 436
රාජ්‍ය සේවකයින් පැමිණීම සහ පිටවීම සඳහන් කිරීමේ දී ක්‍රියාත්මක වූ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම අද (15) සිට අනිවාර්ය කර තිබෙනවා.
ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ගේ අත්සනින් යුතුව පසුගිය 12 වනදා නිකුත් කරනු ලැබුවා.
කොවිඩ් වසංගත තත්ත්වය සමග පසුගිය වසර කිහිපයේ දී මෙම ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබූ අතර, ඒ හරහා ඇතැම් සේවකයින් වාසි ලබාගත් බවට තොරතුරු වාර්තා වීමත් සමග මෙම පියවර ගත් බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ අනුව, මින් ඉදිරියට එවැන්නක් සිදුනොවීමට අද සිට සියලු රාජ්‍ය සේවකයින් සඳහා මෙලෙස ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය අනිවාර්ය කර තිබෙනවා.
Share This Article