“මෝඛා” සුළි කුණාටුව ගැන අවවාදාත්මක නිවේදනයක්
Monday, 15 May 2023 - 8:09 | Views - 597

"මෝඛා" සුළි කුණාටුව පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
අද (15) පෙරවරුවේ එම නිවේදනය නිකුත් කර අත්තේ, බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ක්‍රියා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා යි.
ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව ස්ථානගතව පැවැති "මෝඛා" අතිශය චණ්ඩ කුණාටුවක් ඊයේ (14) දහවල් කාලයේදී ගිනිකොනදිග බංග්ලාදේශය සහ උතුරු මියන්මාර වෙරළ තීරය ආසන්නයෙන් ගොඩ බිමට ඇතුළු වුණා.
කෙසේ වෙතත්, එය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් සහ අඩුපීඩන කලාපයක් දක්වා දුර්වල වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එසේම, දිවයින පුරා විටින් විට පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණා.
තවද, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article