"මෝඛා" සුළි කුණාටුව ගැන රතු නිවේදනයක්
Sunday, 14 May 2023 - 12:22 | Views - 391
මධ්‍යම - නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින "මෝඛා" සුළි කුණාටුව පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අද (14) උදෑසන 11.30ට නිකුත් කර ඇති එම නිවේදනය ඉදිරි පැය 24 පුරා වලංගු වන බවද සඳහන්.
ඒ අනුව, එම සුළි කුණාටුව අද උදෑසන 5.30 වනවිට 18.7N සහ 91.5E ආසන්නයේ කේන්ද්‍ර ගතව පැවති ඇති බවද සඳහන්.
කෙසේ වෙතත්, ඉදිරි පැය 24 තුළ එම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු අක්ෂාංශ 10ත් - 23ත් අතර සහ නැගෙනහිර දේශාංශ 86 සහ 100ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 180 - 190 පමණ වන අතර විටින් විට පැ.කි.මී 210ක් පමණ විය හැකිය.
මේ හේතුවෙන්, උතුරු අක්ෂාංශ 10ත් - 23ත් අතර සහ නැගෙනහිර දේශාංශ 86 සහ 100ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම් දී තිබෙන්නේ.
දැනට මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
Share This Article