සිංහරූපාගම ප්‍රදේශයේ සිසුවියක් අතුරුදන්
Sunday, 14 May 2023 - 12:07 | Views - 440
බෙන්තොට, සිංහරූපාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15යි මාස 2ක් වන පාසල් සිසුවියක් අතුරුදන්ව තිබෙනවා.

ඇයගේ මව බෙන්තොට පොලිසියට ඊයේ (13) පැමිණිලි කර ඇත්තේ සිය දියණිය සංචාරක හෝටලයක රැකියාවක නිරත තරුණයෙකු සමඟ ප්‍රේම සබඳතාවක් ඇති බවට තමන්ට දැන ගැනීමට ලැබුණු බවයි.

ඒ සම්බන්ධයෙන් පසුගිය 10වනදා සිය දියණියට අවවාද කළ බවද ඇයගේ මව විසින් පොලීසියට පවසා තිබෙනවා.

ඉන් අනතුරුව තමන්ට අසනීප යැයි පවසා දින 2ක් එම සිසුවිය පාසල්ද ගොස් නොතිබුණු බවයි වාර්තා වන්නේ.

ඊයේ (12) දින දහවල් තමන් සෙසු දරුවන් දෙදෙනා පාසලෙන් රැගෙන ඒමට නිවසින් පිටව ගොස් යළි පැමිණිමේ දී සිය දියණිය නොසිටි බවයි මව විසින් පොලිසියට පවසා ඇත්තේ.

තමන් තරුණයෙකු සමඟ බසයකට නැග අතුරුවැල්ලෙන් බසයෙන් බැස ගිය බව එම සිසුවිය විසින් ඇගේ මිතුරියක් වෙත දුරකථන ඇමතුමක් ලබා දී දැනුම් දී ඇති බවද මව පොලිසියට වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති එම පාසල් සිසුවිය සහ මීගමුව බටහිර ඇල ඉවුර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයා සොයා බෙන්තොට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top