11ක් රෝහලට යැවූ , හාලිඇළ අනතුර (Photos)
Sunday, 14 May 2023 - 11:17 | Views - 365
නර්තන කණ්ඩායමක් ගමන්කරමින් සිටි වෑන් රථයක් බදුල්ල, හාලිඇළ ප්‍රදේශයේ දී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 11දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද (14) අලුයම එම අනතුර සිදුව ඇති බවටයි පොලීසිය සඳහන් කළේ. වෑන් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ගසක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවටයි පොලිසිය සඳහන් කළේ. තුවාල ලැබූවන් අතර අවුරුදු 18ත් 20අතර වයස් කාණ්ඩවල පසුවන ගැහැණු ළමුන් 08දෙනෙකු සහ පිරිමි ළමුන් දෙදෙනෙකු සහ වෑන් රථයේ රියදුරුද සිටින බව සඳහන්. තුවාලකරුවන් බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

Share This Article