ලෝක මව්වරුන්ගේ දිනය අද
Sunday, 14 May 2023 - 9:00 | Views - 690
ලෝක මව්වරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා.
අම්මා සමරන්නට දින අවැසි නොමැති බව අප සැමදා සිහිපත් කළත්, අද (14) සැමරෙන ලෝක මව්වරුන්ගේ දිනයේ ඉතිහාසය 1912 වසර දක්වා ඈතට දිව යනවා.
සෑම වසරකම මැයි මාසයේ දෙවන ඉරිදා දිනයයි මව්වරුන්ගේ දිනය ලෙස සැමරෙන්නේ.
ඇතැම් රටවලට අද (14) මව්වරුන්ගේ ඉරිදාවයි.
උපන් දා සිට අම්මා ජීවිතය කරගත් අපටත්, ඒ, සෙනෙහසේ මහිමය තව තවත් සිහිකැඳවා ගන්නට අද (14) දිනය වැදගත් වන්නේ අදවත් අම්මාගේ ගුණ සිහි නොවන අල්පයක් වූ දරුවන් සිටින නිසාවෙන්.
දරු සෙනෙහස මහමෙරටත් වඩා දරාගෙන ඒ වෙනුවෙන්ම ජීවිතය කැප කළ අම්මාගේ ගුණ සුවද මෙදියත දසත විසිරෙන්නේ කිසිදිනෙක කිසිවකට සම කළ නොහැකි ලෙසින්.
ගෙදර බුදුන් අම්මා ලොව වදනින් අරුත් ගැන්විය නොහැකි වටිනාම වස්තුවයි. දහසක් දුක් විඳින දයාබර අම්මාවරුන්ට ඒ දුක් සියල්ල නිමා වේවා යන්න අම්මාවරුන් වෙනුවෙන් අප සැමගේ ප්‍රාර්ථනයයි.
Share This Article