වෛද්‍ය හරීන් ද සිල්වා ට රාජාභිෂේකයට ඇරයුම්
Saturday, 06 May 2023 - 10:40 | Views - 794
එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවයේ සාමාන්‍ය වෛද්‍යවරයකු ලෙස සේවය කරන ශ්‍රී ලංකාවේ උපන් බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය හරීන් ද සිල්වාට III චාල්ස් රජුගේ රාජාභිෂේකය සඳහා ආරාධනා කර තිබෙනවා.

කොවිඩ්-19 වසංගතය අතරතුර සාමාන්‍ය පුහුණුව සඳහා කළ සේවය වෙනුවෙන් ආචාර්ය ද සිල්වා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පදක්කමකින් පිදුම් ලබා තිබෙන බව සඳහන්.

අද(6) පැවැත්වෙන රාජාභිෂේකය සඳහා ආරාධනා කිරීමට නියමිත තම ප්‍රජාවට අසාමාන්‍ය දායකත්වයක් ලබා දුන් ‘සාමාන්‍ය’ පුද්ගලයින් පිරිසක් අතර ආචාර්ය ද සිල්වා ද සිටීම විශේෂත්වයක්.

වසංගතය පැතිරීමට පෙර දකුණු යෝක්ෂයර් හි ඩොන්කාස්ටර් හි ජීවත් වූ වෛද්‍ය ද සිල්වා වීදි වෛද්‍යවරයකු ලෙස ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී, උදේ සහ දහවල් සැත්කම් අතර දිවා ආහාර විවේකයේදී නිවාස නොමැති පුද්ගලයින්ට රැකවරණය ලබා දී තිබෙනවා.

ඔහු කොස්ටාරිකාවේ ළමා ගම්මානයේ පුණ්‍යායතනයේ වෛද්‍යවරයකු ලෙස ද සේවය කර ඇති බවඳ සඳහන්.

මේ පිළිබඳ ආචාර්ය ද සිල්වා පවසා සිටියේ, තමන් තරමක් චකිතයකින් පසුවන නමුත් ඓතිහාසික අවස්ථාවට සහභාගී වීමට බලාපොරොත්තු වන බවයි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පදක්කම්ලාභීන් 450කට අධික සංඛ්‍යාවක් චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගීවන බව සඳහන්.
 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top