එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවයේ සාමාන්‍ය වෛද්‍යවරයකු ලෙස සේවය කරන ශ්‍රී ලංකාවේ උපන් බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය හරීන් ද සිල්වාට III චාල්ස් රජුගේ රාජාභිෂේකය සඳහා ආරාධනා කර තිබෙනවා.
කොවිඩ්-19 වසංගතය අතරතුර සාමාන්‍ය පුහුණුව සඳහා කළ සේවය වෙනුවෙන් ආචාර්ය ද සිල්වා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පදක්කමකින් පිදුම් ලබා තිබෙන බව සඳහන්.
අද(6) පැවැත්වෙන රාජාභිෂේකය සඳහා ආරාධනා කිරීමට නියමිත තම ප්‍රජාවට අසාමාන්‍ය දායකත්වයක් ලබා දුන් ‘සාමාන්‍ය’ පුද්ගලයින් පිරිසක් අතර ආචාර්ය ද සිල්වා ද සිටීම විශේෂත්වයක්.
වසංගතය පැතිරීමට පෙර දකුණු යෝක්ෂයර් හි ඩොන්කාස්ටර් හි ජීවත් වූ වෛද්‍ය ද සිල්වා වීදි වෛද්‍යවරයකු ලෙස ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී, උදේ සහ දහවල් සැත්කම් අතර දිවා ආහාර විවේකයේදී නිවාස නොමැති පුද්ගලයින්ට රැකවරණය ලබා දී තිබෙනවා.
ඔහු කොස්ටාරිකාවේ ළමා ගම්මානයේ පුණ්‍යායතනයේ වෛද්‍යවරයකු ලෙස ද සේවය කර ඇති බවඳ සඳහන්.
මේ පිළිබඳ ආචාර්ය ද සිල්වා පවසා සිටියේ, තමන් තරමක් චකිතයකින් පසුවන නමුත් ඓතිහාසික අවස්ථාවට සහභාගී වීමට බලාපොරොත්තු වන බවයි.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පදක්කම්ලාභීන් 450කට අධික සංඛ්‍යාවක් චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගීවන බව සඳහන්.