ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්
Saturday, 06 May 2023 - 9:53 | Views - 345
කොවිඩ් 19 තවදුරටත් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නොසලකන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබෙනවා.
එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, කොවිඩ් 19 ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවේ අඩුවීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹි බව යි.
කෙසේ වෙතත්, කොවිඩ් 19 ආසාදිතයින් රෝහල් ගත වීම සහ දැඩිසත්කාර ඒකකවලට ඇතුළුවීම කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බවද දකින්නට ලැබෙන අතර,ගත වූ මාස කිහිපය තුළ ලෝක ජනගහනය තුළ කොඩිඩ් වෛරසයට මුහුණ දීම සඳහා සැලකිය යුතු ප්‍රතිශක්තිකරණයක් වර්ධනය වී ඇති බවට ද නිරීක්ෂණය වී තිබෙනවා.
Share This Article