වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පත්වෙයි
Thursday, 04 May 2023 - 14:10 | Views - 374
වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අද දිවුරුම් දී තිබෙනවා.
ඒ , ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිල විදේශ සංචාරය අවසන් වන තෙක් බවටයි සඳහන් වන්නේ.
ඒ අනුව, ජනාධිපතිතුමාගේ විදේශීය සංචාරයෙන් පසුව දිවයිනට පැමිණෙන තෙක්, 2023-05-04 දින සිට ක්‍රියාත්මක වන පරිදි මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධූරයේ වැඩ බැලීම, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ විසින් සිදු කරනු ලබනවා.
Share This Article