හිරු රැසින් බැබළෙන තිස්සමහාරාමය - හිරු ශාක්‍යසිංහ මංගල්‍යය
Thursday, 04 May 2023 - 13:53 | Views - 267

අසිරිමත් සම්බුදු තෙමඟුල වෙනුවෙන් හිරු ටී වී හිරු එෆ්. එම් ප්‍රමුඛ හිරු මාධ්‍ය ජාලය සංවිධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ ඓතිහාසික තිස්සමහාරාම පුද බිම කේන්ද්‍ර කරගනිමින්.
ඒ සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් කර අවසන්.
කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන හිරු උත්තමධාතු වන්දනාවද ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේ දී අනිද්දා ආරම්භ වන්නේ ඊට සමාගමීවයි.
දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවෙන් උත්තම මුණිරදුන් පුදන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය හෙට අලුයම ආරම්භ වනවා.
ඒ අනුව ධර්මදේශනා, කාව්‍යමය ධර්මදේශනා, ධර්ම සාකච්ඡා ඇතුලු පුණ්‍ය ක්‍රියා රැසක් ඓතිහාසික තිස්සමහාරාම පුද බිම කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මකයි.
ඓතිහාසික තිස්සමහාරාම පුදබිමට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පූජා කිරීමද හෙට දිනයේ දී සිදු කෙරෙන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
එමෙන්ම ඓතිහාසික තිස්සමහාරාම චෛත්‍යරාජයාණන් වහන්සේ සුවඳ දුමින් සුවඳවත් කර නෙළුම් මල් ලක්ෂයක් පූජා කිරීමත් සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමටත් සැළසුම් කර තිබෙනවා.
විචිත්‍ර ෂඩ්වර්ණ විදුලි ආලෝකයෙන් ඓතිහාසික තිස්සමහාරාම චෛත්‍යරාජයාණන් වහන්සේ වර්ණවත් කිරීම හෙට දිනයේ සිදුවන තවත් පිං කටයුත්තක්.
තිස්සමහාරාම රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමියන්ගේ අවවාද සහ අනුශාසනා පරිදි හෙට දිනය පුරා මෙම පිංකම් පැවැත්වෙනවා.
මේ අතර දිවයිනේ නන්දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ වන්දනාමානයට ඉඩ සළසන කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය අටවනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම තිස්සමහාරාම පුදබිමේ වෙසක් අසිරියෙන් ආසිරි ගන්වමින් ඒකාලෝක කෙරෙන හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේ සජීවී රූපාවලිය හිරු ටී වී ඔස්සේ හෙට අලුයම සිට සජීවීව දැක බලා ගැනීමටද සැදැහැවත් ඔබට අවස්ථාව පවතිනවා.
Share This Article