විදුලි ගාස්තු අඩු වෙයි ද? වැඩි වෙයි ද?
Thursday, 04 May 2023 - 9:53 | Views - 414
එළඹෙන ජූලි මාසය වන විට විදුලි ගාස්තු සමාලෝචනය කර සංශෝධනය කරන බව විදුලි බල සහ බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර, සෑම වසරක ම ජනවාරි මාසයේදී සහ ජූලි මාසයේදී විදුලි බිල සමාලෝචනය කර සංශෝධනය කිරීමට රජය ගත් තීරණයකට අනුව මෙම සංශෝධනය සිදු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණා. කෙසේ වෙතත්, රජයේ ප්‍රතිපත්ති සහ 2022 දෙසැම්බර් මාසයේදී ගත් කැබිනට් තීරණයට අනුව මෙය සිදු කෙරෙන බවද සඳහන්.

Share This Article