විකට නළුවෙක් දමිළ සිනමාවට විශාල සේවාවක් කළ මනෝබාලා අද ජිවන ගමනට සමුදුන්නා
Wednesday, 03 May 2023 - 16:46 | Views - 289
1970 දශකයේ මුල් භාගයේදී දමිළ සිනමාවෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ මනෝබාලා අද සිය ජීවන ගමනට සමුදුන්නා..
ඉන්දියානු චිත්‍රපට අධ්යක්ෂවරයෙක්, නිෂ්පාදකයෙක් සහ විකට නළුවෙක් ලෙස ඔහු දමිළ සිනමාවට විශාල සේවාවක් ඉටු කළා.
1979දී සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙස මනෝබාලා එක්වුණේ "Puthiya Vaarpugal" චිත්‍රපට අධ්යක්ෂනයෙනි..
මියයන විට 69 වැනි වියේ පසු වූ ඔහුගේ මරණයට හේතුව තවමත් නිශ්චිතව අනාවරණ වී නැතත්, මනෝබාලා පසුගිය සති දෙක තුළ රෝහල්ගතව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා..
Share This Article