කොවිඩ් රෝගීන් යළි ඉහළට
Tuesday, 02 May 2023 - 10:44 | Views - 403
කොවිඩ් -19 රෝගීන් යළිත් රට තුළ වාර්තා වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමය සඳහන් කළේ, මේ දිනවල දෛනිකව යම් කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙමින් පවතින බව යි.
කෙසේ වෙතත්, පසුගිය සතිය තුල නැවතත් කොවිඩ් ආසාදිත මරණ 02ක් ද , දින 03 තුළ සිදුව ඇති බවට වාර්තා වී තිබෙනවා.
පසුගිය දින කිහිපය තුළ දෛනිකව කොවිඩ් රෝගීන් 05කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ද මීට පෙර සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
කෙසේ වෙතත්, මේ දිනවල පවතින ශ්වසන රෝග තත්ත්වයත් සමග මෙම කොවිඩ් රෝගීන් වාර්තා වීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශය අවධානය යොමුකළ යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යළි යළිත් අවධාරණය කර තිබෙනවා.
එසේම, පවතින තත්ත්වය හමුවේ අවදානම් කණ්ඩායම් කොවිඩ් මාර්ගෝපදේශ අනුගමනය කිරීම ඉතාමත් වැදගත් බව ද මෙහිදී සඳහන් වී තිබෙනවා.
Share This Article