කොවිඩ් රෝගීන් යළි ඉහළට
Tuesday, 02 May 2023 - 10:44 | Views - 404
කොවිඩ් -19 රෝගීන් යළිත් රට තුළ වාර්තා වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමය සඳහන් කළේ, මේ දිනවල දෛනිකව යම් කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙමින් පවතින බව යි.

කෙසේ වෙතත්, පසුගිය සතිය තුල නැවතත් කොවිඩ් ආසාදිත මරණ 02ක් ද , දින 03 තුළ සිදුව ඇති බවට වාර්තා වී තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළ දෛනිකව කොවිඩ් රෝගීන් 05කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ද මීට පෙර සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

කෙසේ වෙතත්, මේ දිනවල පවතින ශ්වසන රෝග තත්ත්වයත් සමග මෙම කොවිඩ් රෝගීන් වාර්තා වීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශය අවධානය යොමුකළ යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යළි යළිත් අවධාරණය කර තිබෙනවා.

එසේම, පවතින තත්ත්වය හමුවේ අවදානම් කණ්ඩායම් කොවිඩ් මාර්ගෝපදේශ අනුගමනය කිරීම ඉතාමත් වැදගත් බව ද මෙහිදී සඳහන් වී තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top