සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්
Tuesday, 02 May 2023 - 9:32 | Views - 613
සුරාබදු බලපත්‍ර යටතේ අලෙවි කළ මත්පැන් භාවිතය අවම වීම සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
මේ අතර, පසුගිය අප්‍රේල් 5 වනදා සිට 25 වනදා දක්වා කාලය තුළ නීතිවිරෝධි ලෙස මත්ද්‍රව්‍ය නිෂ්පානදය සහ අලෙවි කිරීම් සම්බන්ධයෙන් දිවයින පුරා වැටලීම් 2,450ක් සිදු කර ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කෙසේ වෙතත්, පසුගියදා ඌරාපොළ ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, පවතින තත්ත්වය හමුවේ නීතිවිරෝධි මත්පැන් භාවිතය ඉහළ ගොස් ඇත්ද යන්න පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බවයි.
Share This Article