සෑම අසීරු අවස්ථාවක ම ඉවසූ වැඩ කරන ජනයාට ජනපතිගෙන් තුති !
Monday, 01 May 2023 - 8:11 | Views - 178
අභියෝගාත්මක කාලවකවානුවේ දී ආර්ථිකය ස්ථාවර කරන අසීරු ආරම්භක පියවරයන් දෙස ඉවසීමෙන් සහ ධෛර්යයෙන් බලා සිටි සියලු වැඩකරන ජනතාවට ස්තුතිය පිරිනමන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අදට (01) යෙදී තිබෙන කම්කරු දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින්.

මේ වන විට රට තුළ උදාවී ඇත්තේ, අන් කවරදාටත් වඩා, ශ්‍රී ලාංකික වැඩකරන ජනතාවගේ අභිමානය ලොවට ප්‍රදර්ශනය කර හැකි අවස්ථාවක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

එබැවින් පටු දේශපාලන උවමනාවන්ට ගොදුරු නොවී රට පළමුව තබා කටයුතු කරන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවයි කම්කරු දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ අප අද මැයි දිනය සමරන්නේ ඉතිහාසයේ නොවූ විරූ ආර්ථික අර්බුදයක සටහන් මත බවයි.

මෙවැනි අර්බුදවලට මුහුණදුන් ලොව බොහෝ රාජ්‍යයන් නැවත ගොඩනැගුණේ වැඩකරන ජනතාවගේ ශක්තියෙන් බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කම්කරු දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ රටක් ලෙස බලවත් අර්බුද රැසකට මුහුණ දී සිටින තත්වයක් තුළ රටේ වැඩකරන ජනතාවට කම්කරු දිනය සැමරීමට සිදුව ඇති බවයි.

එය වසර කිහිපයක් තිස්සේ පැමිණි අදූරදර්ශී පාලනයක් විසින් ඇති කර හිතුවක්කාරී, අත්තනෝමතිකබවේ ප්‍රතිඵලයක් බව ද ඔහු පෙන්වා දෙනවා.

ජාතික ජනබලවේගය ද කම්කරු දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, මෙවර මැයි දිනයේ දී ආණ්ඩුවේ ක්‍රියා පටිපාටිය හේතුවෙන් ආන්තීකරණයට ලක්වූ සියලු ජන කොටස් ඉන් මුදා ගැනීම සඳහා සංවිධාන වීමට අදිටන් කර යුතු බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top