ජාත්‍යන්තර කම්කරු දිනය අදයි
Monday, 01 May 2023 - 7:38 | Views - 185
ජාත්‍යන්තර කම්කරු දිනය අද මැයි මස (01) දිනට යෙදී තිබෙනවා.
ලෝකය පුරා බොහෝ රටවල 'මැයි දිනය' ලෙස අද දින හැඳින්වේ.
එය කම්කරුවන් සහ කම්කරු ව්‍යාපාරය විසින් කරන ලද ඓතිහාසික අරගල සහ ජයග්‍රහණ සැමරීමේ දිනයක් වේ.
ජාත්‍යන්තර කම්කරු දිනය බොහෝ විට යෙදී තිබෙන්නේ, සෑම වසරකම මැයි 01 දිනය මැයි මස පළමු සඳුදා දිනකයි යෙදී තිබෙන්නේ.
1889 දී ජාත්‍යන්තර සමාජවාදී කණ්ඩායම් සහ වෘත්තීය සමිති සම්මේලනයක් විසින් චිකාගෝ හි හේමාර්කට් කෝලාහලය (1886) සැමරීම සඳහා කම්කරුවන්ට සහාය දැක්වීමේ දිනයක් ලෙස මැයි 1 දිනය නම් කර ඇති අතර,
20 වැනි සියවසේ අගභාගයේදී සෝවියට් සංගමය බිඳ වැටීමත්, නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් ආණ්ඩු බිඳ වැටීමත් සමඟ එම කලාපයේ මහා පරිමාණ මැයි දින සැමරුම් දේශපාලන න්‍යාය පත්‍ර වෙනුවෙන් යොදා ගන්නා විට එමම සැමරුමේ මූලික අරමුණු වියැකී ගිය බවද සඳහන්.
කෙසේ වෙතත්, ලොව පුරා රටවල් බොහෝමයක, මැයි දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස පිළිගෙන තිබෙනවා.
එබැවින් කම්කරුවන්ට සහය දැක්වීම සඳහා පෙළපාලි සහ රැලි සඳහා එම දිනය වෙන් වන අතර අතර විනෝද චාරිකා සහ සාද සමඟින් ද මෙම දිනය සමරනු ලබනවා.
Share This Article