"දෙයියනේ හස්බන් ..... වගයක් තුරුළු කරගෙන ඉන්නවා... හස්බන් මට වැන්ඳා මේක කාටවත් කියන්න එපා කියලා.."
Sunday, 30 April 2023 - 10:06 | Views - 1,204
මිනිස්සු තමන්ගේ ලිංගික ජීවිතේ වේවා,
සාමාන්‍ය ජීවිතේ වේවා රහස් ගොඩක් පුරවගෙන
ඉන්න දන්නවා. ඒ රහස් එළිපිට නොකියන්නත්,
හංඟගෙන ඉන්නත් ඒ අය පෙළඹෙනවා.
ඒත් කොයි ම වෙලාවක හරි ඒ රහස් එළියට එනවා...

සමහරු ඒ රහස් එක්කම මැරිලා යනවා...
නැත්තම් කවුරු හෝ අතින් මැරෙනවා...

මේකත් ඒ විදිහේ කතාවක්...

"හස්බන් රහස් ගුහාවක්. එයා හෙන ගුප්තයි.
හැබැයි මම එයාට ආදරේ කළා. මොකද එයා හරි හොඳ
කෙනෙක්. ඒ වගේම ආදරණීය කෙනෙක්.
මේ දේ වුණේ අපි පස්සර පදිංචියට ගිය කාලේ.
පස්සර කියන්නෙ එයාගේ අම්මගේ ගම.."

"අපි පොඩි ගේ කෑල්ලක් හදාගෙන ජීවත් වුණේ.
හස්බන්ගේ වෙනසක් නම් මට පෙණුනේ නෑ..
හස්බන්ට යි මටයි වෙනම රූම්ස් තිබ්බා.
ගොඩක් වෙලාවට හස්බන් මා එක්ක නිදාගන්න එනවා
නැත්තම් එයාට පුටුවෙම නින්ද යනවා..."

"දවසක් එයාට නොදැන එයාට හොඳටම නින්ද ගිහින්.
මට රෑ මැද ඇහැරුණා. හරියට ම පාන්දර තුනට වගේ.
මම ඉතින් නිකමට හස්බන්ගේ කාමරේට එබුණා.
එවෙලාවේ තමයි මට කෑ ගැහුණේ. දෙයියනේ හස්බන්
යටඇඳුම් වගයක් තුරුළු කරගෙන ඉන්නවා.
ඒවා මගේ ඒවාත් නෙවෙයි. මට යකා නැග්ගා.."

"මගේ සද්දෙටම හස්බන් ඇහැරුණා. එයා බයවුණා හොඳටම.
එතකොට තමා මම දැක්කේ. එයා ළඟ යටඇඳුම් කලෙක්ෂන්
එකක් තියෙනවා. මම මාර අවුල් වුණා.. ඒ සේරම ගමේම
තැන් තැන්වලින් හොරකම් කරපුවාලූ. මෙයා කාලයක් තිස්සෙ
මේ දේ කරනවලූ.. ඒ විදිහට එකතු කරපුවා තමා මේ.."

"හස්බන් මට වැන්ඳා මේක කාටවත් කියන්න එපා කියලා.
පැටියෝ කෑ ගහන්න එපා කියලා එයා එකපාරම
මාව බදාගත්තා. මාව ඉම්බා.. ඇඬුවා.. මම පස්සෙ එයාව පහුවදාම
ඩොක්ටර් කෙනෙක් ළඟට එක්කන් ගියා. එතකොට මම
දැනගත්තෙ මේක මෙයාගේ මානසික අවුලක් කියලා.
ඒකට ඩොක්ටර් ප්‍රතිකාර කළා කාලයක් තිස්සෙම.."

"දැන් හස්බන් රිකවර් වෙලා ඉන්නවා..
ඒක ඇත්තටම සෑහෙන අමාරු කාලයක්..
ඒත් මම කියන්නෙ එහෙම අයව ජංගි හොරු කියලා
සමාජයෙන් කොන් කරන්න එපා. ඒක හරිම වැරදි..
ඒ අයත් මිනිස්සු.. ඒ අයටත් හැඟීම් දැනීම් තියෙනවා.."

"මේවට ප්‍රතිකාර කළාම හරි යනවා.."


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top