සිල්ලර වෙළෙඳපොළටත් ඉන්දියන් බිත්තර
Sunday, 30 April 2023 - 9:33 | Views - 326
ආනයනික බිත්තර සිල්ලර වෙළඳපොලේ අලෙවිය සඳහාත් අවසර ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර විසින් ඊට අදාළ උපදෙස් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබාදී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ.
දැනට නිකුත් කර ඇති මාර්ගෝපදේශ සංශෝධනය කර ආනයනික බිත්තර සිල්ලර වෙළඳපොලෙහි අලෙවියට අවසර දීමට සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවද පියවර ගනිමින් සිටින බවයි වාර්තාවන්නේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ දැනට වෙළඳපොලේ පවතින බිත්තර හිඟය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.
මේ අතර පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
Share This Article