විදුලිය විසන්ධි වීමක් ,
Saturday, 29 April 2023 - 15:35 | Views - 354
අතුරුගිරිය උපපොළේ කාර්මික දෝෂයක් හේතුවෙන් අතුරුගිරිය සහ ඒ අවට ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇතැයි වාර්තා වනවා.
කෙසේ වෙතත්, එහි විදුලි සැපයුම යළි යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
එසේම, තවමත් මෙම විදුලිය බිඳ වැටීමට නිශ්චිත හේතුවක් හෙළි වී නැහැ.
Share This Article