බිත්තර ගැසට්ටුව ඉවතට ගන්න අවධානය
Saturday, 29 April 2023 - 13:40 | Views - 196
බිත්තර සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඇතුලත් ගැසට්ටුව ඉවත් කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.
බිත්තර සහ කර්මාන්ත සංගම් සමඟ අග්රාමාත්ය කාර්යාලයේ පැවති හමුවක දී මේ පිළිබඳව සාකච්ඡා වූ බවයි කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසන්නේ.
ඔවුන් පෙන්වා දෙන්නේ උපරිම සිල්ලර මිල ගැසට්ටුව ඉවත් කරන්නේ නම් වෙළඳපළට ප්රමාණවත් ලෙස බිත්තර සැපයිය හැකි බවයි.
මේ අතර පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්රියාත්මක අතර බිත්තර මිල සහ හිඟය සම්බන්ධයෙන් වෙළඳුන් මෙන්ම පාරිභෝගිකයින් තුළ මහත් අප්රසාදයක් ඇති වී තිබෙනවා.
Share This Article