විද්‍යාපීඨ සඳහා නව සිසුන් බඳවා ගැනීමේ තීරණයක්
Saturday, 29 April 2023 - 8:16 | Views - 263
මැයි මාසය අවසන් වීමට ප්‍රථම විද්‍යාපීඨ සඳහා නවක සිසුන් බඳවාගෙන, අවසන් කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (28) පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී යි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළා.
කෙසේ වෙතත්, සිසුන්ට අමාත්‍යාංශය පිරිනමන රු. 5000 දීමනාව සහ රැකියාව ලැබුණු පසු ගෙවීමේ පදනම මත බැංකු හරහා ලබාදෙන රු. 15,000ක ණය මුදල ද එම සිසුන්ට ලැබීමට කටයුතු කරන බවද මෙහිදී ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
එසේම, මේ වන විට ගුරු අධ්‍යාපන සේවය තුළ නියතව සිටින්නේ 40%ක් බවත්, ඒ සඳහා අවශ්‍ය පිරිස් බඳවාගැනීමට ද ඉක්මනින් කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
Share This Article