පැය 10ක් අද ජලය කැපෙන ප්‍රදේශ මෙන්න
Saturday, 29 April 2023 - 7:29 | Views - 271
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (29) දිනයේ පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලා ප්‍රවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව, අද පෙ.ව.11.00 සිට , පස්වරු 9.00 දක්වා පැය 10ක කාලයක් මෙම ජල කප්පාදුව සිදුවෙනු ඇති.
කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, ඇතුළු කෝට්ටේ, නාවල, කොස්වත්ත සහ නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියළු අතුරු මාර්ගවල මෙලෙස ජල සැපයුම අත්හිටු වීමට නියමිත බවයි මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
Share This Article