ආහාර අවදානමෙන් ලංකාව ඉවතට
Tuesday, 25 April 2023 - 16:37 | Views - 481
ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට ලෝක බැංකුව කටයුතු කර තිබෙනවා.

ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම දර්ශකය නිකුත් කරනු ලබන අතර උද්ධමනය පහළ යමින් තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාව මෙම දර්ශකයෙන් ඉවත් කිරීමට ලෝක බැංකුව තීරණය කර ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, පසුගිය වසරේ සිට ශ්‍රී ලංකාව මෙම දර්ශකයට ඇතුලත්ව සිටින අතර එම කාලය තුළ නිකුත් වූ දර්ශක වල විවිධ ස්ථාන හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබුණා.

මෙවර දර්ශකයේ ප්‍රථම ස්ථානය ලෙබනනයට හිමිව ඇති අතර එහි උද්ධමනය සියයට 261 ක් බව ලෝක බැංකුව පවසනවා.

එසේම, දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින් සිම්බාබ්වේ සහ ආර්ජන්ටිනාව හිමිකරගෙන තිබෙනු ඇති.

එම රටවල උද්ධමනය පිළිවෙලින් සියයට 128 සහ 107 ක් ලෙස සඳහන්.





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top