ලෝක මැලේරියා දිනය අද යි
Tuesday, 25 April 2023 - 16:28 | Views - 271
ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබෙනවා.
“මැලේරියාවෙන් තොර ශ්‍රී ලංකාවක් සදහා අවධානම් කණ්ඩායම් හදුනා ගනිමු යන්න” මෙවර එහි තේමාවයි.
වසර 14කට පසු මැලේරියා රෝගී මරණයක් පසුගිය 15 වැනිදා මෙරටින් වාර්තා වූ අතර එහිදී මියගොස් තිබුණේ ටැන්සානියාවේ සංචාරයක නිරතව සිට මෙරටට පැමිණි මැණික් ව්‍යාපාරිකයෙක්.
වසරේ මේ දක්වා ගතවූ කාල සීමාව තුළ මැලේරියා රෝගීන් 13 දෙනෙකු වාර්තා වී ඇති අතර පසුගිය වසරේ දී රෝගීන් 37ක් වාර්තා වී තිබෙනවා.
කෙසේ නමුත්, මෙම සියලු රෝගීන් විදේශ රටවල සිට පැමිණි අය බවයි මැලේරියා මර්දන ව්‍යාපාරය සදහන් කළේ.
Share This Article