නුවරඑළිය නගරය ගැන හදිසියේ ම ගත් තීරණය
Tuesday, 25 April 2023 - 9:48 | Views - 567
මැයි මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4කට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා කර තිබෙනවා.
නාගරික සංවර්ධන අධිකාරි පනතේ විධිවිධාන අනුව රෙගුලාසි පැනවීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදෙමින් එම තීරණය ගෙන තිබෙනවා.
නුවරඑළිය ප්‍රදේශයේ සිදුකෙරෙමින් පවතින අවිධිමත් සංවර්ධනය හේතුවෙන් නුවරඑළිය නගරයේ සුන්දරත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවනිත අතර එමගින් සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් සිදුව ඇති බව ජනාධිපතිවරයා පසුගිය දා පවසා සිටියා.
ඒ හේතුවෙන් විදිමත් සැලැස්මක් සඳහා මෙම තීරණය ගෙන ඇති බවට යි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Share This Article