දැඩි අව් රශ්මියෙන් පුද්ගලයින් දෙදෙනෙකු මරුට (Video)
Tuesday, 25 April 2023 - 8:43 | Views - 269
අධික අව් රශ්මියට නිරාවරණය වී සිටි එප්පාවල ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු හෘදයාබාධවලට ලක්වීමෙන් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ එප්පාවල සියඹලෑව සහ කටියාව යාය 02හි පදිංචි කරුවන් දෙදෙනෙක්.
එප්පාවල රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි හේමාලී දිසානායක පැවසුවේ මොවුන් හෘදයාබාධවලට ලක්වීමට පෙර අධික අව්වේ සිට ඇති බවයි.
දිවයිනේ මේ දිනවල පවතින අධික උෂ්ණාධික කාලගුණය මැයි මස අවසානය දක්වා පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Share This Article