රන් සහ දියමන්ති සොරකම් කළ කාන්තාවක් අත්අඩංගුවට
Monday, 24 April 2023 - 12:24 | Views - 1,408
මහබාගේ ප්‍රදේශයේ රන් භාණ්ඩ සහ දියමන්ති සොරකමකට අවශ්‍යව සිටි සැකකාරියක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (23) දින රාත්‍රියේ කොස්මෝදර පොලිස් වසමේදී අත්අඩංගුවට ගත් 25 හැවිරිදි මෙම සැකකාරිය ලබාදුන් තොරතුරුවලට අනුව සොරාගන්නා ලද රන් භාණ්ඩ සහ දියමන්ති සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකාරිය දෙණියාය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, පසුගියදා මහබාගේ පොලිසියට ලද පැමිණිල්ලක් අනුවයි මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ.
Share This Article