කුවේටයේ අතරමංව සිටි ලාංකිකයින් රැසක් දිවයිනට
Monday, 24 April 2023 - 12:14 | Views - 366
කුවේටයේ ගෘහ සේවයට ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටි පනස් දෙදෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපලින් දිවයිනට පැමිණ තිබෙනවා.
කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී මෙරටට එවූ පස්වන කණ්ඩායම මෙය වන අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ එල් 230 දරණ යානයෙන් ඔවුන් අද අලුයම මෙසේ පැමිණ ඇති බවටයි වාර්තා වෙන්නේ.
එම පිරිස අතර පිරිමි පුද්ගලයන් 17 දෙනෙකු සහ කාන්තාවන් 35 දෙනෙකු සිටින බවයි අප වාර්තා කරු සඳහන් කළේ.
Share This Article