ලාදුරු රෝගීන් වාර්තා වීම ඉහළට
Monday, 24 April 2023 - 9:29 | Views - 641
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස තුන තුළ මෙරටින් ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යාපාරය පවසනවා.
ඒ අනුව, එම කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ලාදුරු රෝගීන් 355 දෙනෙකු පමණ සොයාගෙන ඇති අතර ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවද සඳහන්.
එමෙන්ම වාර්තා වූ ලාදුරු රෝගීන්ගෙන් සියයට 10ක් පමණ ළමුන් වන බව ද ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යාපාරය මෙහිදී සඳහන් කර තිබුණා.
Share This Article