ආසියාවේ දියවැඩියා රෝගීන්ගේ ඉහළම අනුපාතිකය, මෙරටින්
Sunday, 23 April 2023 - 13:45 | Views - 407
ආසියාවේ දියවැඩියා රෝගීන්ගේ ඉහළම අනුපාතිකය සටහන් කරන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ සෑම වැඩිහිටියන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව වැලඳී ඇති බවට එම සමීක්ෂණයකින් හෙළි වී තිබෙන අතර එය ප්‍රතිශතයක් ලෙස ගත කළ 23%ක් ලෙස දැක්වෙන බවද සඳහන්.
කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය, සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය සහ කොළඹ, රුහුණ, රජරට විශ්වවිද්‍යාල විසින් එම සමීක්ෂණය සිදු කර තිබෙනවා.
Share This Article