“මට වෛර කරන්න එපා කියලා කියන්න බෑ.. ඒත් පුළුවන් නම් මට සමාවෙන්න...!!!” සත්‍ය කතාවක් ..
Sunday, 23 April 2023 - 10:02 | Views - 577
තමන් ජීවිත් වූ නිවස පෞද්ගලික ආයතනයකට සින්න වීමත්, ගෙවිය යුතු ණය සම්භාරයක් ඇති නිසාවෙන් නිට්ටඹුව - පින්නගොල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු දුම් රියට පැන සියදිවි නසාගෙන තිබෙනවා.

මෙම ඛේදනීය සිදුවීම අද (22) පෙරවරු 9.10ට පමණ සිදුව ඇති අතර එම පුද්ගලයා රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම් රියට පැන ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

ගම්පහ හා දාරළුව අතර ප්‍රදේශයේ දී මෙම ඛේදනීය සිදුවීම සිදුව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි පුතෙකු සහ දියණියක් සිටින පියෙක්.

දුම්රියෙහි ගැටීමෙන් එම පුද්ගලයාගේ හිස කඳෙන් වෙන් වී ඇති අතර, එම මළසිරුර ගැටුණු දුම් රියෙන් ම ගම්පහ දුම්රිය ස්ථානයට ගෙනැවිත් තිබුණා.

සියදිවි නසා ගැනීමට පෙර මියගිය පුද්ගලයා විසින් සිය බිරිඳට, දරු දෙදෙනාට හා මිතුරන් වෙත ලියූ ලිපියක් ද පොලිසිය ඔහුගේ මුදල් පසුම්බියෙහි තිබී සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම ලිපියෙහි සඳහන් වන්නේ මෙවැන්නක්..,

''ඔයා මාත් එක්ක අවුරුදු 17ක් හැම දුක,සැපක් ම දරා ගත්ත ගෑනියෙක් විඳින්න පුළුවන් හැම දුකක් ම දරාගත්ත, අදටත් මං පුදුම වෙනවා ඒ දරාගැනීම් ගැන... ඔයාට මේකත් ඒ වගේ ම දරාගන්න පුළුවන් වෙයි.. සමාවෙන්න මේ මගේ ගොන් මෝඩ තීරණයට.. මට තවත් ඉවසන්න බැහෑ.. මං දන්න එකම දෙයක් තියෙනවා ඒ මං ඔයාට ගොඩක් ආදරේ...!!!'' යනුවෙන් මියගිය පුද්ගලයා සිය ආදරණීය බිරිඳ වෙත ලියා තිබෙනවා.

එම ලිපියේ ම මියගිය පුද්ගලයා විසින් තම දියණියට පවසා ඇත්තේ මෙවැන්නක්..

'' ආදරණීය සෙසඳි,
ඔයාට ගොඩක් බැන්නට මං ගොඩක් ආදරෙයි..අම්මවයි මල්ලිවයි බලාගන්න. හොඳට ඉගෙන ගන්න. අම්මට කවදාවත් බොරුවක් කරන්න එපා. එයාට තවත් දරාගන්න හයියක් නෑ. මට වෛර කරන්න එපා කියලා කියන්න බෑ.. ඒත් පුළුවන් නම් මට සමාවෙන්න...!!!'' යනුවෙන් සංවේදී සටහනක් මියගිය පුද්ගලයා තම දියණිය වෙත තබා තිබෙනවා.

මියගිය පුද්ගලයා සිය බිරිඳ සහ දරු දෙදෙනා සමඟ පදිංචිව සිටි නිවස පෞද්ගලික ආයතනයකට උකස් තබා තිබූ බවත් පසුව එම නිවස සහ ඉඩම එම ආයතනයට සින්න වීම හේතුවෙන් ඔවුන්ට එම නිවසෙන් යාමට සිදුව ඇති බවත් මරණකරුගේ බිරිඳ පොලිසියට ලබා දුන් ප්‍රකාශයේ සඳහන්.

සිය නිවස තමාට අහිමි වීමත්, විශාල මුදලක් තවත් සමාගමකට ණය වීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් සිය ජීවිකාව තවදුරටත් ගෙන යාමට නොහැකි වීම මත මෙම දෙදරු පියා දුම්රියට පැන සියදිවි හානි කර ගන්නට ඇතැයි මූලික පොලිස් විමර්ශනවලින් මේ වනවිට හෙළිව තිබෙනවා. 







Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top