තවමත් කොළඹට පමණක් කැප , බිත්තර
Saturday, 22 April 2023 - 9:06 | Views - 329
පසුගිය 19 වනදා ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර මිලියනයක තොගයේ සම්පල අද (22) ලබාගැනීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.
කෙසේ වෙතත්, පසුගිය 14 වනදා දිවයිනට රැගෙන ආ බිත්තර මිලියනයේ සාම්පල, පරීක්ෂණ කටයුතු සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති බවද සඳහන්. එසේම, එම බිත්තර තොගය ලබන 24 වනදා නිදහස් කිරීමට හැකිවන බව ද සඳහන් වුණා.
මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ බේකරි කර්මාන්තකරුවන් සඳහා පමණක් මේ දක්වා බෙදාහැරීම සිදුවන ආනයනික බිත්තර, සෙසු දිස්ත්‍රික්ක සඳහා ද බෙදාහැරීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වනතෙක් අවසර ලබා දී නොමැති බවද සඳහන් වුණා.
Share This Article