2023 ලෝක මිහිතල දිනය අදයි
Saturday, 22 April 2023 - 8:58 | Views - 384
මිහිතලයට ආයෝජනයක කරන්න.

අද ලෝක මිහිතල දිනයයි.

සෑම වසරකම අප්‍රේල් 22 වනදා ලෝක මිහිතල දිනය සැමරෙනවා.

මෙවර ලෝක මිහිතල දිනයේ තේමාව වී ඇත්තේ "අපේ මිහිතලය තුළ ආයෝජනය කරමු" යන්නයි.

මේ වන විට සමස්ත මිහිතලයේ ම පැවැත්මට බරපතළ තර්ජනයක් එල්ල කර ඇති හරිතාගාර ආචරණය පාලනය කිරීම ඉලක්ක කරගත් වැඩසටහන් රාශියක් අද දිනය තුළ දී ලොව පුරා ක්‍රියාත්මක වනවා.

පැරිස් සම්මුතියට අනුව 2030 වර්ෂය වන විට හරිතාගාර වායු අඩු කිරිම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීම මෙම වැඩ වැඩසටහන් වල අරමුණයි.

මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යන ගෝලීය උෂ්ණත්වය පාලනය කර ගැනීම ඒ අතුරින් ප්‍රමුඛ කාරණයක්.

ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1,5 ට වඩා අඩු මට්ටමක තබා ගැනීම සඳහා මෙම ශතවර්ෂයේ මැද භාගය වන විට වායුගෝලයට එක් කරනු ලබන කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රතිශතය ශුන්‍ය කරගැනීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි ලෝක මිහිතලය හා එහි පැවැත්ම සම්බන්ධයෙන් නිරන්තරයෙන් පර්යේෂණ සිදු කරන විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

මේ අනුව වසර 2030 වනවිට වායුගෝලයට එක් කෙරෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය 30% කින් අඩුකර ගත යුතු වන අතර වසර 2050 වන විට එම ප්‍රතිශතය 0% කරා රැගෙන ඒම පැරිස් සම්මුතියේ ප්‍රමුඛ පරමාර්ථයයි.

යම් හෙයකින් මෙම ඉලක්කයන් සපුරා ගැනීමට සමස්ත ලෝක ප්‍රජාවට නොහැකි වුවහොත් මේ වන විට පොසිල ඉන්ධන දහනය හේතුවෙන් වායුගෝලයට මුදා හැරෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය හේතුවෙන් තවත් ශතවර්ෂ කිහිපයක් ඇතුළත පෘථිවියෙන් ජීවින් සඳහටම සමු ගනු ඇති බවට විද්‍යාඥයින් අනතුරු අඟවනවා.

එබැවින් ඔවුන් පෙන්වා දෙන්නේ අනාගත පරපුර වෙනුවෙන් මේ මිහිතලය සුරක්ෂිත කිරීම සඳහා ලොව පුරා සිටින සෑම පුද්ගලයෙක්ම එකාවන්ව දාය දායක විය යුතු බවටයි.

ඒ මන්ද යත් මිහි තලයේ පැවැත්මට බරපතළම හානි සිදු කරනුයේ මනුෂ්‍ය ක්‍රියාකාරකම් වීමත් හේතුවෙන්.

මේ සඳහා විවිධ රටවල, කලාපවල, දේශපාලනික, ව්‍යාපාරික, දේශගුණික ක්‍රියාකාරකම් බරපතළ බලපෑම් එල්ල කර තිබෙනවා.

හෙට දවසේ ලොව එලිය දකින දුවාදරුවන්ට සැනසිල්ලේ හුස්ම ගැනීම සඳහා යහපත් ලෝකයක් ඉතිරි කර තැබීම අප සැමගේ වගකීමයි.

ඔබගේත් අපගේත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ මිහිතලයට ආයෝජනයක කරන්න. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top