“ඒ චූටි මැනික ඉදපු බංකුව දිහා බැලුනා.,අම්මත් නැති උන එයා මේ තොප්පියත් දාලා ගිහින් තිබුනා”
අපිට දරුවන් සම්බන්ධයෙන් විවිධ සංවේදී කතා සමාජයෙන් අසන්නට ලැබෙනවා.
දරුවන් දෙමාපියන් නිසා අසරණ වන අවස්ථා අනන්තයි අප්‍රමාණයි.
පහත දැක්වෙන්නේ අම්පාර අධිකරණයේදී එක්තරා පුංචි දරුවෙකුට වුණු සංවේදී සිදුවීමක් දුටු අයෙක් සමාජ ජාලාවල ලියා පළ කළ සංවේදී සටහනක්.ළමයෙක්ව හදන්න බැරිනම් කරුණාකරලා උන්ව වදන්න එපා..~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~මේ පුංචි #කැප් එකේ අයිතිකාරයා දැන් #හොදටම #අඩනවා ඇතිහිත පිච්චුන තවත් දවසක්.මොකක්දෝ කරුමක්කාර වේදනාවක් තාමත් හිතේ දෝන්කාර දෙනවාමම අද අම්පාර උසාවි රජකාරියේ..උදේ 11ට විතර වයස අව්රුදු 16ක් 17ක් වෙන එයාගේ අම්මත් එක්ක අව්රුද්දක් දෙකක් විතර වෙන මේ #කැප් #එකේ #අයිතිකාරයා පොලිස් නැන්දලා එක්ක උසාවියට ආවාකොල්ලා පට්ට දගයෙක්. ඒ පොඩි අම්මට ඒ කොල්ලගේ දග වැඩ නවත්තන්නත් අමාරුයි ඒ තරම් දගයෙකක්,ලස්සන හිනාව,ගොත ගහන කතාව.දග මල්ලගේ වැඩ උසාවියම බලාගෙන.ඒ චූටියා මොනා දන්නවටද??එයාට හිටිය එකම කෙනා අම්මා විතරයි ඒ අම්මත් අද එයා නාදුනන කට්ටියකට දීලා යන්න උසාවි ආවා කියලා එයා දන් නෑ.අම්මා අඩනවා,පොඩ්ඩා අම්මගේ කදුලු පිහිදනවාඅම්මා අඩන්නේ ඇයි එයා දන්නේ නෑඅම්මට කොල්ලා බලාගන්න අමාරුයි ලු,තාත්තෙක් පේන්න හිටියෙත් නෑ.නීතියට අනුවලමයගේ ආරක්ශාව රැකවරණය ගැන පරිවාස වාර්තාවෙන් කැදවලා තිබුනා.ඒ වාර්තාවෙන් පස්සේ ඒ චූටි දගයාපරිවාස බාරෙට දෙන්න උසාවියෙන් නියෝග කලා,ඒ වෙලාවේ මට දැනුන හැගීම???ඒක දැනුන අය ගොඩාක් හිටියා.කාකි ඇදපු නැන්දලා මාමලාගෙත් ඇස් වල කදුලු,,වගකීමක් නැති අම්මෙක් අප්පෙක් නිසා විදවන්නේ මේ පොඩි එකා..කොල්ලා බෝලගෙඩියක් වගේ හරිම හුරතල් අද ඉදන් කුක්කු බොන්න එයාගේ අම්මත් ලග නෑ.අඩුම තරමේ දන්න අදුරන කව්රුත් එයාගෙ ලග නෑ..මේ වෙලාවේ කොල්ලා ලමා නිවාසේ එයා වගේම පොඩ්ඩො එක්ක ඇතිඉන්න තැනක හොදින් ඉදපන් චූටි පුතේ.මේක උබේ වරද නෙමෙයි..මේම උන එකම කිරිසප්පයාත් ඔයා නෙමෙයි..හොදට හැදියන්.ලෝකෙම දිනපන්.දවසක උබ වගේම උන්ට ජීවිතේ දිනන්න පාඩමක් කියලා දීපන්.උබට බුදු සරනයි පුතේමේ වගේ දේවල් දකින්නත් අපි හරි පව්කාරයි හිතුන වාර අනන්තයිමේ ලෝකේ කොච්චර නම් මේවා මේ විදියට වෙනවා ඇතිද ?
(රාජකාරි ඉවර වෙලා එනකොට නිකමට මට ඒ චූටි මැනික ඉදපු බංකුව දිහා බැලුනා.අම්මත් නැති උන එයා මේ #තොප්පියත් දාලා ගිහින් තිබුනා)
