අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛයක්
Thursday, 20 April 2023 - 10:52 | Views - 453
අද (20) සිට බලපැවැත්වෙන පරිදි ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව නව චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එසේම, මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුලත් කිරීමේ ලිපි නිකුත් කිරීම අත්හිටුවා ඇති බවද අමාත්‍යාංශය සඳහන් කළා.
එම නව චක්‍ර ලේඛයට අනුව අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ බලය පාසලේ විදුහල්පතිවරයාට පැවරීමට තීරණය කර ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කළා.
Share This Article