රට රැකියා සඳහා ඉල්ලුම් කළ අයට විශේෂ දැනුම් දීමක්
Thursday, 20 April 2023 - 10:41 | Views - 275
කටාර් රාජ්‍යයේ රැකියා ලබාදෙන ලෙස පවසා මුදල් වාංචා කළ කාන්තාවන් දෙදෙනෙක් සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, කටාර් රාජ්‍යයේ මුදල් දෙන බව පවසා අදාළ කාන්තාවන් රුපියල් ලක්ෂ 6ක මුදලක් වංචා කර ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය වෙත ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙන අතර, සැකකාරියන් අවුරුදු 31ක් වන කයිට්ස් ප්‍රදේශයේ පදිංචිකාරියන් බවටයි සඳහන් වන්නේ.
පැමිණිලිකරු අවස්ථා කිහිපයකදී සැකකාරියන් ගේ ගිණුම්වලට මුදල් බැර කර ඇති අතර, විදෙස් ගමන් බලපත්‍රය ද සැකකාරියන් ට ලබා දී තිබෙන බවට ද සඳහන් වනවා.
කෙසේ වෙතත්, පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ, සැකකාරියන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක බවයි.
Share This Article