හෙට කොළඹට එන්න , විශේෂ බස් රථ සේවාවක් (Video)
Sunday, 16 April 2023 - 14:17 | Views - 192
අලුත් අවුරුදු සඳහා ගම් බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
මේ අතර අද(16) දිනයේ දීත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි වාහන තදබදයක් පැවති බව හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
මේ හේතුවෙන් පින්නදූව පිවිසුමේ පිටවීමේ කවුළුව අසළ දිගු පෝලිම් පවතින බවටයි වාර්තා වන්නේ.
හෙට දිනයේ යළිත් සිය සේවා ස්ථාන කරා පැමිණෙන ජනතාව හට අවශ්‍ය පරිදි බස් රථ යොදවා ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් ප්‍රකාශ කළේ.
එමෙන්ම පෞද්ගලික බස් රථද අවශ්‍ය පරිදි යොදවා ඇති බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ.
Share This Article