ජම්නපාරි, කොට්ටුකච්චි, බෝයර් සහ සානන් - තරුණ ප්‍රජාවට නොමිලේ
Sunday, 16 April 2023 - 11:25 | Views - 716
මේ වසර තුළ එළුවන් 70,000 ක් එළු පාලනයට කැමති තරුණ ප්‍රජාව අතරේ නොමිලේ බෙදාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව, රැකියා විරහිත තරුණයින් සහ ග්‍රාමීය අංශයේ ජනතාව සඳහා මෙම එළුවන් බෙදාදීමට කටයුතු කරනු ඇති.
අවශ්‍ය තාක්ෂණය සහ උසස් තත්වයේ එළුවන් ලබාදීම පෞද්ගලික අංශයේ සහයෝගයද ලබාගැනීමට කටයුතු කරන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ.
ජම්නපාරි, කොට්ටුකච්චි, බෝයර් සහ සානන් යන උසස් වර්ගයේ එළු විශේෂ මෙහිදී හඳුන්වාදීමට නියමිතයි.
Share This Article