දිස්ත්‍රික්ක කිහිපයක් උණුසුම් - කොළඹ සහ ගම්පහ අවදානම පහළට
Sunday, 16 April 2023 - 11:22 | Views - 320
නැගෙනහිර, උතුරු මැද පළාත් සහ කුරුණෑගල, කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, මන්නාරම, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අද(16) දිනයේ දී උෂ්ණත්වය සැළකිය යුතු ලෙස ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකර තිබෙනවා.
මීට පෙර ඊට ඇතුළත් වූ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට එම බලපෑම තරමක් අඩු වී ඇති බව ද එම නිවේදනයේ සඳහන්.
කෙසේ වෙතත්, මේ හේතුවෙන් එළිමහනට නිරාවරණය වීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙසත්, දරුවන්ට හැකිතාක් දියර වර්ග පානයට ලබාදෙන ලෙසත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මීට පෙර සඳහන් කළා.
Share This Article