කඳාන ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක දී 42 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ, මිය ගිය පුද්ගලයා කඳාව ප්‍රදේශයේ පදිංචි විවාහක තැනැත්තෙක් බවට හඳුනා ගෙන ඇති බවයි.
ඔහු ඊයේ (11) මධ්‍යම රාත්‍රීයේ එම සම්බාහන මධ්‍යස්ථනයට පැමිණ ඇති අතර, අද අලුයම ඔහු මිය ගොස් සිටිය දී සොයා ගැණුනා.
හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය යන්නට ඇති බවටයි පොලිසිය සැක පහළ කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.