විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයට තවදුරටත් යම් ගැටලුවක් පවතින්නේ නම් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට ඉදිරියේ දී සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.
තාවකාලිකව වර්ජනය අවසන් කළ ද උසස් පෙළ පිලිතුරු පත්‍ර ඇගයීම් සදහා සහභාගි වීම සම්බන්ධයෙන් තීරණය කල් දැමූ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (12) දහවල් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් දැනුම් දුන්නා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සදහන් කළේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සතුටුදායක නිගමනයකට එනතුරු මෙලෙස පිලිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදුකිරිම සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගත් බවයි.
කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ උසස් පෙළ පිලිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් බැවින් ඒ සඳහා මැදිහත් වන ලෙසටයි.
එසේම, පසුගිය මාස එකහමාරක කාලය තුල සාකච්ඡා වට කිහිපයක් පවත්වා ආචාර්යවරුන්ට විසදුම් ලබා දී ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.