ගමේ යන්න සහයට , බස් රථ 300ක් ධාවනයට
Wednesday, 12 April 2023 - 8:00 | Views - 223
අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා පිටත් ව යන ජනතාව වෙනුවෙන් අද(12) දිනයේත් විශේෂ පෞද්ගලික බස්රථ සේවා ක්රියාත්මක බව , ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව, අවුරුදු සමය වෙනුවෙන් විශේෂ බස්රථ සේවා අද දිනයේ පමණක් නොව හෙට (13) දිනයේත් ධාවනයට යෙදවීම ට ලංකා ගමනාගමන මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.
එසේම, මෙසේ මගී ජනතාවගේ ගමන් පහසුව සඳහා අමතර බස් රථ 300කට අධික ප්රමාණයක් යොදවා ඇති බවත් කොමිෂන් සභාවේ අධ්යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article