දුම්රියෙන් වැටුණු තරුණයාගේ - පාද දෙකම අහිමි වෙයි
Wednesday, 12 April 2023 - 7:39 | Views - 768
කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වු ගාලු කුමාරි දුම්රියේ පැමිණි පුද්ගලයෙකු ඊයේ(11) සවස ගාල්ල දුම්රිිය ස්ථානයේදි දුම්රියෙන් ඇදවැටි දුම්රියට හසුවිමෙන් පාද දෙකම වෙන්වි ඇතැයි ගාල්ල පොලිසිය සඳහන් කළා.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ මිරිස්ස උඩුපිල පදිංචි 25 හැවිරිදි තරුණයෙක් බවටයි සඳහන් වුනේ,
කෙසේ වෙතත්, පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ පුදගලයා දුම්රිය, ගාල්ල දුම්රිය ස්ථානයට ලඟාවිමත් සමගම මගින්ගේ තෙරපිමෙන් පාපුවරුවේ සිටියදී හදිසියේ ඇදවැටි ඇති බවයි.
Share This Article