අදත් ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන්න
Wednesday, 12 April 2023 - 7:30 | Views - 339
අද(12) දිනයේ දී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
එසේම, අද දින(12) දහවල් 12:11 ට මාන්කුලම්, පෙරියකුලම්, කුරටියාව, මොරවැව සහ මහදිවුල්වැව යන ප්‍රදේශ වලට හිරු මුදුන් වනු ඇති බවද නිවේදනයේ සඳහන් වුණා.
Share This Article